ස්වාධීන රූපවාහිනියේ 42 වන සංවත්සරය වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක් අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.
දැනට පවත්නා ලේ අවශ්‍යතාව සැළකිල්ලට ගනිමින් ජාතික කාර්යයක් සේ සළකා ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය ලේ දන්දීමේ වැඩපිළිවෙළ සංවිධාන කළා. කොළඹ ජාතික රෝහල , ලේ බැංකුව හා අපේක්ෂා රෝහලේ දායකත්වය ඒ සඳහා ලැබී තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මූලිකත්වයෙන් යුද හමුදා සාමාජිකයන් රැසකගේ දායකත්වය ඒ සදහා හිමි වුණා. කොරෝනා අවදානම සැළකිල්ලට ගනිමින් නිරෝධායන රීතින්ට අනුව මෙම ලේ දන්දීමේ වැඩසටහන ක්‍රියාත්මක වනවා.
ලේ දන්දීම සඳහා පැමිණෙන අයට අවශ්‍ය ආහාරපාන ආදිය සම්පාදනය කළේ විරාජ් වික්‍රමනායක පදනමයි. බත්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනි පරිශ්‍රය තුළයි ලේ දන්දීමේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. එම ස්ථානයට ලේ පරිත්‍යාගශීලීන් විශාල වශයෙන් පැමිණීම හේතුවෙන් සළකිය යුතු පිරිසක් ලේ දන්දීම සඳහා කොළඹ ජාතික රෝහල වෙතද යොමු කෙරුණා. හමුදා සාමාජිකයන් හැත්තෑ පස් දෙනෙකු පමණ මෙසේ යොමු කර තිබෙනවා. ඒ අනුව කඩිනම් ලේ අවශ්‍යතාව සපුරාලීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සංවිධාන කළ මෙම ලේ දන්දීමේ වැඩසටහනත් සමඟ හැකියාව උදාවන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/c0_3B6G2kd8″]