ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් නතර කර ඇති බවට ජාතික පුවත්පතක පළවු පුවත අසත්‍ය එකක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ කිසිදු ශල්‍යකර්මයක් නතර කර නැති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා තමන්ට දැනුම් දී ඇති බවයි.
හෘද සැත්කම් සිදුකරන ශල්‍යාගාරයේ, වායුසමීකරණ අලුත්වැඩියා කටයුතු ප්‍රමාද වන්නේ නම් පමණක් ශල්‍යකර්ම නතර කිරීමට සිදුවන බව අධ්යක්ෂවරයා දැනුම් දී තිබෙනවා. මෙම අලුත්වැඩියා කටයුතු සදහා ටෙන්ඩර් කැදවූවද එහි මිලගණන් සීමාවෙන් ඔබ්බට යාම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය ටෙන්ඩර් මණ්ඩලය වෙත තීරණයක් ගන්නා ලෙසයි දැනුම් දී ඇත්තේ. ඒ රජයේ නීතිරීති යටතේයි. අමාත්‍යාංශයේ ටෙන්ඩර් මණ්ඩලය තීරණයක් ගෙන ඉදිරි දින කිහිපය තුළදී වායු සමීකරණ පද්ධතිය අලුත්වැඩියා කිරීමට ආයතනයකට භාර දීමට නියමිත බවද අනිල් ජාසිංහ මහතා සදහන් කරනවා.