හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි නඩුවක් සදහා ඒ මහතා ගොනුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට නඩුව විභාගය ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(29) නියෝග කළා.
රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ජංගම දුරකතනයේ රුපියල් දෙලක්ෂ තිස් දහස් නවසිය අසූහතරක මසක බිල්පතක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් පියවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමයි නඩුව පවරා තිබුණේ. ඒ රඹුක්වැල්ල මහතාට අමතරව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට ද එරෙහිවයි.
මෙම නඩුවයි විභාගය නොගෙන ඉවත දමන ලෙසට විත්ති පාර්ශ්වය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නඩුව ලබන ජුනි 28 වනදා විභාගයට ගැනීමට දින නියම කළා.