මැදපෙරදිග රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ මැදපෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් මෙම හමුවට එක්ව සිටියා. නව රජයට මැද පෙරදිග රටවල සහයෝගය සෑමවිටම ලැබෙන බවත් සංස්කෘතික කටයුතු සදහා ඉදිරියේදී තවදුරටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බවත් තානාපතිවරුන් මෙහිදී ප්‍රකාශ කළා. ඕමානය, පලස්තීනය, ඉරාකය, ඊජිප්තුව, කුවේට්, ලිබියාව,සවුදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල තානාපතිවරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
මේ අතර මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා සහීඩ් මහතාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. අරලියගහ මන්දිරයේ පැවති මෙම හමුවට ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති ඔමාර් අබ්දුල් රසාක් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.