ආසියානු වෙරළාරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවේ 15 වන සැසිවාරය කොළඹදී ආරම්භ වුණා.
මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. ආරම්භක සැසිය පැවැත්වුණේ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. රටවල් 22 ක වෙරළාරක්ෂක ආයතන සාමාජිකයන් ඇතුළු විදෙස් නියෝජිතයන් රැසක් ඊට එක්ව සිටිනවා. මෙම සමුළුව අනිද්දායින් අවසන් වීමට නියමිතයි. මෙහි ආයතන ප්‍රධානීන්ගේ රැස්වීම ලබන ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතු වූ අලොන්ද්ර රේන්බෝ නෞකාව ඉන්දීය වෙරළාරක්ෂකයන් විසින් මුදාගනු ලැබුවේ 1999 වසරේදීයී. එය පසුබිම් කරගනිමිනුයි ආසියානු වෙරළාරක්ෂක සමුළුව ආරම්භ කෙරුණේ. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා කියා සිටියේ සමෘද්‍රීය ත්‍රස්තවාදය පරිසර හානි මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වීම සඳහා මෙම සමුළුව ඉතා වැදගත් බවයි.