රෝහල්වල කිසිදු ඖෂධ හිඟයක් නැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරනවා. දේශපාලන වාසි වෙනුවෙන් ඇතැම් පුද්ගලයන් ඖෂධ හිඟයක් මවාපාන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අමාත්‍ය රාජිත සේනාරත්න,
[ot-video type=”youtube” url=”https://youtu.be/crRq45BwoNA”]
පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුව නාරහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේදී සාකච්ඡා කළ කරුණු පිළිබඳ සමාලෝචනයක් මෙහිදී සිදුකෙරුණා. ඖෂධ බෙදාහැරීම කඩිනම් කිරීම සදහා පහසුකම් සැලසීමට ද අමාත්‍යවරයා කටයුතු කළා. අමාත්‍යාංශ ලේකම් බී ජී එස් ගුණතිලක, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීන් සහ ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.