ස්පාඤ්ඤයේ උතුරු ප්‍රදේශයට අධික හිමපතනයක් වාර්තා වී තිබෙනවා.
හිම කුණාටු කිහිපයක් සමග අධික හිමපතනයක් වාර්තා වීම හේතුවෙන් මාර්ග රැසක් හිමෙන් යටව පවතිනවා. ස්පාඤ්ඤයේ ඇස්ටූරියස් ප්රාන්තයටයි අධික හිමපතනයෙන් වැඩිම බලපෑම් එල්ල වුණේ. ප්‍රදේශයේ ජාතික වනෝද්‍යාන ඇතුලු ප්‍රසිද්ධ සංචාරක ස්ථාන රැසක් වසා දමා තිබෙනවා. හිම කඳු, නායයාම් අවදානමක් ද නිකුත් කර ඇති බව සඳහන්. ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 6 ක් පමණ වන බවයි එරට කාලගුණ අංශ සඳහන් කරන්නේ.