15න් පහළ දකුණු පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය මාතරට

15න් පහළ දකුණු පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය මාතරට

13
0

වයස අවුරුදු 15න් පහළ දකුණු පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාතර දිස්ත්‍රික්කය  සමත් වුණා.තරගාවලියට  කණ්ඩායම් පහක් එක්ව සිටියා. එහි අවසන් මහා තරගයට සුදුසු කම් ලබා ගත්තේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම සහ හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායමයි. තරගයේ පළමුව පන්දුවට පහර දුන්  හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායම පන්දු වාර 44කදී සියළුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 156ක් පමණයි. කඩුළු 7ක් පමණක් දැවී ලකුණු 157ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට මාතර දිස්ත්‍රික් කණ්ඩායම සමත් වුණා. ඊට ඔවුන්  වැය කළේ පන්දුවාර 46ක් පමණයි. මෙම තරගයේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් පළාත් කණ්ඩායමට තෝරා ගැනීම සිදු වුණා.

NO COMMENTS

LEAVE A REPLY