Update: වසරේ සම්මානනීය නාලිකාව ITN – රයිගම් සම්මාන උලෙළේදී සම්මාන 19ක් (Photos)

Update: වසරේ සම්මානනීය නාලිකාව ITN – රයිගම් සම්මාන උලෙළේදී සම්මාන 19ක් (Photos)

969
0

රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ දී වැඩිම සම්මාන හිමිකර ගනිමින් වසරේ සම්මානනීය නාලිකාව ලෙස ITN මාධ්‍ය ජාලය කිරුළු පැලඳුවා. එමෙන්ම ඇසි දිසි මාධ්‍ය මෙහෙවරේ ප්‍රමුඛයා ITN බව යළිත් තහවුරු කළේ එම උළෙලේදීම ITN මාධ්‍ය ජාලය සම්මාන 19ක් දිනා ගනිමින්. රයිගම් ටෙලීස් සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. කතානායක කරූ ජයසූරිය මහතා ඇතුලු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

13 වන රයිගම් ටෙලීස් සම්මාන උළෙල නෙළුම් පොකුණ රඟහලේ දී උත්කර්ශවත්ව පැවැත්වුණා. එහිදී හොඳම සඟරාමය වැඩසටහන ලෙසින් ITN වෙනස වැසටහන සම්මානයට පාත්‍ර වුණා. හොඳම සම්ප්‍රවේශක සිංහල මාධ්‍ය උදෙසා පිරිනැමෙන සම්මානය හිමිවූයේ ITN මාධ්‍ය ජාලයේ සිතාරා කළුආරච්චිටයි.

ITN සහෝදර දෙමළ නාලිකාව වන වසන්තම් ටීවී නාලිකාවේ කේ පුණ්‍ය මූර්ති හොඳම ප්‍රවෘත්ති නිවේදක දමිළ මාධ්‍ය වෙනුවෙන් වූ සම්මානය දිනා ගත්තා.

මේ අතර විශිෂ්ඨතම ටෙලි නාට්‍ය, විශිෂ්ඨතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය, විශිෂ්ඨතම නළුවා යන සම්මාන ඇතුලු සම්මාන දාහතරක් දිනා ගැනීමට ITNහි විකාශය වූ වන්වේ ටෙලි නාට්‍ය සමත් වුණා. ඒ අනුව වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාලිකාවට හිමි සම්මානයට පාත්‍රවූයේ ද ITN නාලිකාවයි. එම සම්මානය ITN ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා ලබා ගත්තා.

හරවත් සහ නැවුම් මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ දී සම්මානනීය රූපවාහිනී නාලිකාව ලෙස කිරුළු පැළඳුවේ ද ITN නාලිකාවයි. ITN වැඩබලන සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා එම සම්මානය ලබා ගත්තා.

වසරේ විශිෂ්ඨතම ඒකාංගික ටෙලි නාට්‍ය ලෙස ජාතික රූපවාහිනියේ උරුමක්කාරයෝ සම්මාන දිනා ගත්තා. ජාතික රූපවාහිනියේ නැණ මිහිර වැඩසටහන වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වුණා.

jathika

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස උමාලි තිලකරත්න සම්මාන දිනා ගත්තා. ඒ ස්වර්ණවාහිනියේ විකාශය වූ බොහිමියානුවා නාට්‍ය වෙනුවෙන්. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සිංහල සම්මානය දිනා ගත්තේ ද ස්වර්ණවාහිනියේ මධුෂාන් ද සිල්වායි.

umalirai78

වසරේ විශිෂ්ටතම රූපවාහිනී දේශපාලන කථිකා වැඩසටහන ලෙස සිරස ටීවී නාලිකාවේ සටන වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනට හිමි සම්මානය දිනාගත්තේ සිරස ටීවී ලක්‍ෂපති වැඩසටහනයි.

siras

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා සිංහල සම්මානය හිරු ටීවී නාලිකාවේ පුබුදු රත්නායකට හිමිවුණා.

pubudu

වසරේ විශිෂ්ටතම රූපවාහිනී කාලීන වැඩසටහන සඳහා වන සම්මානය හිමිවූයේ දෙරණ නාලිකාවටයි. ඒ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන වෙනුවෙන්. වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන ලෙස ද දෙරණ ටීවී හි ඩෙල්ස් ස්ටූඩියේ සම්මානයට පාත්‍ර වුණා.deranadell

රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ දී විශේෂ ප්‍රණාම සම්මාන දෙකක් ද පිරිනැමුණා. ආචාර්ය ආරියදාස පීරිස් සහ ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ යන මහත්වරුනුයි එම සම්මානයෙන් පිදුම් ලැබුවේ.

jurirohan

කලාව උදෙසා සිය මෙහෙවර උපරිමයෙන් ඉටුකළ කලාකරුවන්ට ජීවිතයේ එක් වරක් පිරිනැමෙන රයිගම් ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානයට මෙවර පාත්‍ර වූයේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියයි.

malani

රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ දී ITN මාධ්‍ය ජාලය වෙනුවෙන් ලැබුණු ඇගයීම් සමග හරවත් සහ ගුණාත්මක නිර්මාණ නැවුම් අත්දැකීම් රැසක් තවදුරටත් ප්‍රේක්ෂක ඔබට තිළිණ කිරීමට ITN සූදානම්.

……………………………………………..

රයිගම් සම්මාන උළෙලේ සම්මානනීය සහ විශිෂ්ඨතම නාලිකාව ITN

රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී වැඩිම සම්මාන හිමිකරගනිමින් වසරේ සම්මානනීය මෙන්ම විශිෂ්ඨතම නාලිකාව ලෙස ITN මාධ්‍ය ජාලය  කිරුළු පැළදුවා. එම උළෙලේදී සම්මාන 19ක් ලබාගත් ITN මාධ්‍ය ජාලය ඇසි දිසි මාධ්‍ය මෙහෙවරේ ප්‍රමුඛයා වග යළිත් තහවුරු කළා. 13 වන රයිගම් ටෙලීස් සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ උත්කර්ෂවත්ව පැවැත්වුණේ නෙළුම් පොකුණ රගහලේදීයි. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. කථානායක කරු ජයසුරිය මහතා ඇතුළු ආරාධිතයන් රැසක් උත්සවයට සහභාගී වුණා.

13 වන රයිගම් ටෙලීස් සම්මාන උළලේ හොදම සගරාමය වැසටහන ලෙසින් ITN වෙනස වැඩසටහන සම්මානයට පාත්‍ර වු අතර හොදම සම්ප්‍රවේශක සිංහල මාධ්‍ය සම්මානය අයිටීඑන් මාධ්‍යජාලයේ සිතාරා කළුආරච්චි හිමි කර ගත්තා. හොදම ප්‍රවෘත්ති නිවේදක දමිළ මාධ්‍ය සම්මානය හිමි වුණේ ITN මාධ්‍ය ජාලයේ වසන්තම් ටීවී නාලිකාවේ කේ පුණ්‍ය මුර්තිටයි. මේ අතර හොදම ටෙලි නාට්‍ය, හොදම ටෙලි නාට්‍ය නිෂ්පාදනය, හොදම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණ සහ හොදම නළුවා යන සම්මාන ඇතුළු සම්මාන 14ක් දිනා ගන්නට ITNහි විකාශය වු වන්වේ ටෙලි නාට්‍ය සමත් වුණා. ඒ අනුව හොදම ටෙලි නාට්‍ය විකාශනය කල නාලිකාව ලෙසින් අයිටීඑන් සම්මානයට පාත්‍ර වුණා. ඒ සමග දහතුන්වන රයිගම් ටෙලීස් සම්මාන උලළේ සම්මාන දහ නවයක් දිනා  ගනිමින් වසරේ සම්මානනීය මෙන්ම විශිෂ්ඨතම රූපවාහිනි නාලිකාව ලෙසින් සිය අභිමානය තහවුරු කරන්නට අයිටීඑන් මාධ්‍යජාලයට හැකියාව ලැබුණා. වසරේ සම්මානනීය නාලිකාවට හිමි සම්මානය ලබා ගත්තේ ITN ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතායි. රයිගම් සම්මාන උළෙලේදී විශිෂ්ඨතම නාලිකාවට හිමි සම්මානය ද දිනා ගත්තේ ITN ආයතනයයි. ITN වැඩබලන සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා එම සම්මානය ලබා ගත්තා. මේ සියළු ඇගයීම් සමග තවදුරටත් හරවත් සහ ගුණාත්මක නිර්මාණ ප්‍රේක්ෂක ඔබට සමීප කරමින් නවමු අත්දැකිම් රැසක් ගෙන ඒමට ITN සූදානම්.

……………………………………………………………..

13 වන රයිගම් ටෙලීස් සම්මාන උළෙල ඊයේ නෙළුම් පොකුණ රගහලේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත්ව පැවැත්වුණා. ඇසිදිසි මාධ්‍යකරණයේ පුරෝගාමිත්වය මෙහිදි යලි යලිත් තහවුරු කරන්නට ITN මාධ්‍ය ජාලය සමත් වුණා.

13 වන රයිගම් ටෙලීස් සම්මාන උළලේ හොදම සගරාමය වැසටහන ලෙසින් ITN වෙනස වැඩසටහන සම්මානයට පාත්‍ර වු අතර හොදම සම්ප්‍රවේශක සිංහල මාධ්‍ය සම්මානය ITN මාධ්‍යජාලයේ සිතාරා කළුආරච්චි හිමි කර ගත්තා. හොදම ප්‍රවෘත්ති නිවේදක දමිළ මාධ්‍ය සම්මානය හිමි වුණේ ITN මාධ්‍යජාලයේ වසන්තම් ටීවී නාලිකාවේ කේ පුණ්‍ය මුර්තිටයි. මේ අතර හොදම ටෙලි නාට්‍ය, හොදම ටෙලි නාට්‍ය නිෂ්පාදනය, හොදම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණ සහ හොදම නළුවා යන සම්මාන ඇතුළු සම්මාන 14ක් දිනා ගන්නට ITNහි විකාශය වු වන්වේ ටෙලි නාට්‍ය සමත් වුණා. ඒ අනුව හොදම ටෙලි නාට්‍ය විකාශනය කල නාලිකාව ලෙසින් ITN සම්මානයට පාත්‍ර වුණා. ඒ සමග 13වන රයිගම් ටෙලීස් සම්මාන උලළේ සම්මාන 16ක් දිනා ගනිමින් වසරේ විශිෂ්ඨතම රූපවාහිනි නාලිකාව ලෙසින් සිය අභිමානය තහවුරු කරන්නට ITN මාධ්‍යජාලයට හැකියාව ලැබුණා. මේ සියළු ඇගයීම් සමග තවදුරටත් හරවත් සහ ගුණාත්මක නිර්මාණ ප්‍රේක්ෂක ඔබට සමීප කරමින් නවමු අත්දැකිම් රැසක් ගෙන ඒමට අයිටීඑන් සූදානම්.

rairai1rai2rai3rai4

rai5rai6rai7

rai8rai9rai10rai11rai12rai13

rai14rai15rai16rai17rai18rai19rai20rai21

NO COMMENTS

LEAVE A REPLY