ශ්‍රී ලංකාව හා සංචාරක දකුණු අප්‍රිකාව අතර හතරවන එක්දින තරගය දිවාරාත්‍රී තරගයක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ආරම්භවීමට නියමිතයි. දෙරට අතර මේ වනවිට පවත්වා ඇති එක්දින තරග තුනේම ජය සංචාරක දකුණු අප්‍රිකාව සතුවුණා. හතරවන එක්දින තරගය පැවැත්වීමට නියමිත පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහනය කිරීම විචාරකයින්ගේ අවධානය යොමුවුණා. මෙම තරගයේ පළමුව ශ්‍රී ලංකාව පන්දුවට පහර දුන්නේ නම් තරගය මීටවඩා වෙනස්වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.
මෙම තරගයේ පන්දු රැකීමේ නිරතව සිටියදී දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩු පෙලෙසී අතේ ආබාධයකට ලක්වුණා. මේ හේතුවෙන් අද(08) පැවැත්වීමට නියමිත තරගයේ දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක්ට ලබාදී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බවයි නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ. කෙසේ වෙතත් තනතීරුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවසන් තීරණය ගන්නා බව ශ්‍රී ලංකා වැඩබලන ප්‍රධාන පුහුනුකරු තිලාන් සමරවීර මාධ්‍ය හමුවේ කියාසිටියා. ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකා කණ්ඩායම් පසුගිය දින දෙකේම මෙම ක්‍රීඩා පිටියේ දිවාරාත්‍රී පුහුණු සැසි සදහා එක්වුණා.