ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රිඩා කරන සංචාරක දකුණු අප්‍රිකාව දිවා ආහාරය සදහා තරගය නතරකරන විට කඩුළු 7 ක් දැවී ලකුණු 265 ක් ලබා සිටිනවා. කොළඹ එස් එස් සී ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 338ක් ලබා ගත්තා.
ඊට පිළිතුරු ලෙස දකුනු අප්‍රිකාවට සියලු දෙනා දැවී ලබා ගත හැකිවුණේ ලකුණු 124ක් පමණයි. දෙවන ඉනිම ක්‍රිඩාකළ ශ්‍රී ලංකාව කඩුළු 5ක් දැවී ලකුණු 275ක් ලබා සිටියදී ඉනිම අත්හිටවුවා. මේ අනුව දකුණු අප්‍රිකාවට තරගයේ ජයග්‍රහණය සදහා හිමිවූ ඉලක්කය ලකුණු හාරසිය අනූවක්. තරගයේ තුන්වන දිනය නිමා වන විට දකුණු අප්‍රිකාව කඩුළු 5ක් දැවී ලකුණු 139ක් ලබා සිටියා. අද තරගයේ හතරවන දිනයයි.