ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගය මෙල්බන් හිදී අද පස්වරුවේ ආරම්භ වනවා.
තරගාවලියේ පළමු තරග තුනම ජයගත් ඕස්ට්‍රේලියාව අද තරගය සදහා එක්වන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින්. කෙසේ වෙතත් අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම තුළ කිසිදු වෙනසක් නොවන බවයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ. අද දිනයේත් ඕස්ට්‍රේලියාව මෙහෙයවීමේ වගකීම ආරෝන් ෆින්ච්ට හිමිවී ඇති අතර ශ්‍රි ලංකාවේ නායකත්වය හිමිව තිබෙන්නේ දසුන් චානකටයි.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට මෙල්බන් හිදී ආරම්භ වනවා.