ස්වාධීන විනිවිදභාවයකින් යුතු අධිකරණ ක්‍රියාවලියක් තුළ මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීමට තමා සූදානම් බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ විද්වත් කාන්තා හමුවේදී කාන්තාවක් විමසූ සංවේදී පැනයකට පිළිතුරු ලබාදෙමින්.
දේශපාලනයෙන් තොර වූ විද්වත් කාන්තාවන් ඉදිරි ජනාධිපතිවරණයේදී කවර හෝ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනවලදී කාන්තාවන් හා සම්බන්ධ ප්‍රතිපත්ති කෙසේ සකස් විය යුතු ද යන්න පිළිබද කථිකාවක් ඊයේ කොළඹදී පැවැත්වුණා. මෙම කථිකාවතට අමාත්‍යවරුන් වන චන්ද්‍රානි බණ්ඩාර,හර්ෂ ද සිල්වා,ඉරාන් වික්රරත්න,නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ,කොළඹ මහ නගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක,හේමා ප්‍රේමදාස මහත්මිය හා ජලනි ප්‍රේමදාස මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වුණා.
මේ අතර කාන්තාවන්ට සමාජයේ ලැබිය යුතු අයිතිවාසිකම් හා අවස්ථාවන් සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා වානිජ මණ්ඩලය සංවිධාන කළ මීට් ද කැන්ඩිඩේට් වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළකලා.
[ot-video type=”youtube” url=”https://youtu.be/sMdY9TFaRwc”]