ඇමරිකා මෙක්සිකෝ දේශ සීමාව අසළ නගරයක සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නාදුනන තුවක්කුකරුවන් කිහිප දෙනෙකු සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුකළ වෙඩි තැබීමකිනුයි මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. මිය ගිය පිරිස අතරට සාමාන්‍ය වැසියන් 15 දෙනෙකු හා අපරාධ කල්ලියට සම්බන්ධ පුද්ගලයින් 4 දෙනෙකු ඇතුළත්. වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරුවන් මත් ද්‍රව්‍ය ජාවාරමේ නියුතු කල්ලියකට සම්බන්ධ බවටයි හෙළිව ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් ෆෙඩරල් පරීක්ෂණයක් සිදු කරන ලෙස මෙක්සිකෝ ජනාධිපති ආන්ද්‍රේස් මැනුවල් ලෝපේස් නියෝග කර තිබෙනවා.