ළහිරු වීරසේකර සහ රක්ෂිත බන්ධනාගාර ටැම්පිටියේ හිමියන් රක්ෂිත බන්ධනාගාරයට

ළහිරු වීරසේකර සහ රක්ෂිත බන්ධනාගාර ටැම්පිටියේ හිමියන් රක්ෂිත බන්ධනාගාරයට

7
0

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි විභාග කෙරුණා.ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් ද අධිකරණයේ පෙනී සිටියා. ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන ජනවාරි 18 වනදා යළි කැඳවන ලෙසයි නියෝග කළේ.

අධිකරණයට හා නීතීඥවරුන්ට අපහාස කර ඇති බව පවසමින් ගොනුකර ඇති පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන විසිපස් වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ලබන 26 වනදා දක්වයි. පසුගිය දහවනදා සයිටම් විරෝධී උද්ඝෝෂණයට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය කඩ කිරීම සහ මීට පෙර ලබාදී තිබූ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම ඊට හේතුවයි.

NO COMMENTS

LEAVE A REPLY