‘හෙට දකින රනිල්’ ප්‍රදර්ශනය ලබන 17වනදා විවෘත කෙරේ

‘හෙට දකින රනිල්’ ප්‍රදර්ශනය ලබන 17වනදා විවෘත කෙරේ

18
0

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දශක හතරක දේශපාලන ගමන්මගේ සුවිශේෂී අවස්ථා ආවරණය කළ ප්‍රදර්ශනය ලබන 17 වනදා විවෘත කෙරෙනවා.හෙට දකින රනිල් යනුවෙන් නම් කර ඇති මෙම ප්‍රදර්ශනය ලබන 17වනදා සවස 3යි 30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කිරීමට නියමිතයි.

ප්‍රදර්ශනය අගෝස්තු 18 වනදා සිට දින තුනක් පුරා ජනතාව සදහා විවෘතව පවතිනවා. පෙරවරු 10ට ආරම්භ වන ප්‍රදර්ශනය පස්වරු 8 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 1977 වසරේ ලාබාලම මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහ මහතා මෙරට දේශපාලනයේ විශේෂ කාර්ය භාරයක් ඉටුකළා. එම ජාතික මෙහෙවර ඇගයීම සදහායි මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ.

NO COMMENTS

LEAVE A REPLY