සෙබස්තියන් කර්ස් ඔස්ට්‍රියා මහමැතිවරණයෙන් ජය ගනී

සෙබස්තියන් කර්ස් ඔස්ට්‍රියා මහමැතිවරණයෙන් ජය ගනී

28
0

සෙබස්තියන් කර්ස් ඔස්ට්‍රියා මහමැතිවරණයෙන් ජයගත්තා. ඔහු ලෝකයේ ලාබාලතම නායකයා ලෙස දිවුරුම් දීමට නියමිතයි. සෙබස්තියන් කර්ස් නායකත්වය දරන කොන්සවටිව් ජනතා පක්ෂය ඔස්ට්‍රියා මහමැතිවරණයෙන් ඉදිරියෙන්ම සිටිනවා. තිස් එක් හැවිරිදි සෙබස්තියන් කර්ස් දැඩි මතධාරී පුද්ගලයෙකු බවයි වාර්තාවන්නේ. මේ වන විට ගණනය කළ ඡන්ද අනුව කොන්සවටිව් පක්ෂය බහුතර බලය දිනා නොගත්ත ද ඔවුන් වැඩි මනාප ලබා ගෙන ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

රජයක් පිහිටුවීම සඳහා ඔවුන් සන්ධානගත වීමටයි අපේක්ෂා කරන්නේ. කර්ස් තම ආධාරකරුවන් අමතමින් කියා සිටියේ තමාට රට වෙනුවෙන් වැඩ කිරීමට කදිම අවස්ථාවක් ලැබී ඇති බවයි. සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් කර්ස් දැඩි මැතිවරණ පොරොන්දු කිහිපයක් ඉදිරිපත් කර තිබුණා. ඔවුන්ට ලබා දෙන සහන අවම කරවීම සහ සංක්‍රමණික නීති දැඩි කිරීම ඒ අතර වනවා. මහ මැතිවරණයට ඉදිරිපත් වීමට පෙර ඔහු යුරෝපයේ ලාබාලතම විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

පෙර පුවත්

NO COMMENTS

LEAVE A REPLY