සුප්‍රකට හොලිවුඩ් අධ්‍යක්ෂවරයෙකු දිවියෙන් සමුගනී

සුප්‍රකට හොලිවුඩ් අධ්‍යක්ෂවරයෙකු දිවියෙන් සමුගනී

16
0

සුප්‍රකට ලිවින් ඩෙඩ් ත්‍රාසජනක චිත්‍රපට මාලාව නිර්මාණය කළ හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක ජෝර්ජ් ඒ රොමේරෝ සිය ජිවිතයෙන් සමුගත්තා. මියයන විට ඔහු 77 වන වියේ පසුවුණා. 1968 වසරේ දී නයිට් ඔෆ් ද ලිවින් ඩෙඩ් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ඔහු සිනමා ක්‍ෂේත්‍රයට පිවිසියා. ඉන් අනතුරුව මාටින්, ඩෝන් ඔෆ් ද ඩෙඩ්, නයිට් රයිඩර්ස්, ඩේ ඔෆ් ද ඩෙඩ් වැනි චිත්‍රපට රැසක් නිර්මාණය කරමින් ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගැනීමට සමත් වුණා. රොමේරෝගේ මරණයට හේතුව පෙනහළු පිළිකාවක් බවයි ඔහුගේ කළමනාකරු ප්‍රකාශ කළේ.

 

NO COMMENTS

LEAVE A REPLY