සිරියාවේ ඩමස්කස් අගනුවර නැවතත් දරුණු ගැටුම් හට ගනී

සිරියාවේ ඩමස්කස් අගනුවර නැවතත් දරුණු ගැටුම් හට ගනී

19
0

සිරියාවේ ඩමස්කස් අගනුවරට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයත් සමග දරුණු ගැටුම් හටගෙන තිබෙනවා. කැරළිකරුවන් විසින් ජෝබා දිස්ත්‍රික්කයේ අනපේක්ෂිත ප්‍රහාරයක් දියත් කිරිමත් සමග ඩමස්කස් නගරයට කාලතුවක්කු සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා. පසුගිය ඉරිදා සිදුකළ ප්‍රහාරයට කාර් බෝම්බ සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදාගෙන ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරින් ප්‍රකාශ කළා. මේ සදහා රහසිගත උමං මාර්ගද යොදා ගත් බවද සදහන්. ප්‍රතිප්‍රහාර එල්ල කිරිම මගින් කැරළිකරුවන් පලවා හැරිමට හැකි වූ බව සිරියානු හමුදාව කියා සිටියා. ඩමස්කස් නගරයට ප්‍රහාර එල්ල කිරිමත් සමග එහි පිහිටි වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන අබාසිද් චතුරස්‍රයට පිවිසෙන මාර්ග හමුදාව විසින් වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

NO COMMENTS

LEAVE A REPLY