සිරියාවේ ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 53 දෙනෙකු ජීවිතක්‍ෂයට

සිරියාවේ ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 53 දෙනෙකු ජීවිතක්‍ෂයට

12
0

සිරියාවේ අටාරෙබ් හි වෙළෙඳ සංකීර්ණයකට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 53 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.සිද්ධියෙන් පනස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්. සිරියාවේ උතුරු ප්‍රදේශයේ අටාරෙබ් නගරය කැරළිකරුවන්ගේ පාලනය යටතේ පවතින බවටයි වාර්තා වන්නේ. ගුවන් ප්‍රහාරවලින් කඩසාප්පු සියයක් පමණ විනාශ වී තිබෙනවා. ගුවන් ප්‍රහාර තුනක් සාප්පු සංකීර්ණයට එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. සිරියා රජය හෝ රුසියා හමුදා මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇති බවට සැකකෙරෙනවා. මිය ගිය අයගෙන් බොහෝ දෙනෙකු සිවිල් වැසියන්.

 

NO COMMENTS

LEAVE A REPLY