සිංගප්පූරුවේ සැන්ටෝසා විනෝද උද්‍යානයේ ඔන්චිල්ලාවක පුද්ගලයින් 39 දෙනෙකු සිරවෙයි

සිංගප්පූරුවේ සැන්ටෝසා විනෝද උද්‍යානයේ ඔන්චිල්ලාවක පුද්ගලයින් 39 දෙනෙකු සිරවෙයි

15
0

සිංගප්පූරුවේ සැන්ටෝසා විනෝද උද්‍යානයේ කුළුනක පිහිටි ඔන්චිල්ලාවක ඇති වූ තාක්ෂණික දෝශයක් හේතුවෙන් පුද්ගලයින් තිස්නව දෙනෙකුට පැය හතරක පමණ කාලයක් එහි සිරවී සිටීමට සිදුවුණා.ඔන්චිල්ලාවේ සිරවී සිටි පුද්ගලයින් අතර කුඩා දරුවන් හතරදෙනෙකු ද වූ බවයි වාර්තා වන්නේ. ඔන්චිල්ලාවේ සිරවූ පිරිසට පැය කිහිපයක් එහි රැදී සිටීමට සිදුවීම හේතුවෙන් ආහාර සහ පානීය ජලය ද ඔවුන් වෙත සැපයීමට උද්‍යානයේ බලධාරීන් කටයුතු කළා. ඔන්චිල්ලාව සහිත කුළුණේ උස මීටර විසි පහක් පමණ වන අතර එහි සිරවී සිටි පිරිස බේරා ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමටයි සිදුවුණේ. තාක්ෂණික දෝශය ඇතිවීමට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ. යළි දැනුම් දෙන තුරු මෙම ඔන්චිල්ලාවෙහි විනෝද කටයුතු නවතා ඇති බවයි එහි බලධාරීන් දැනුම් දී ඇත්තේ.

NO COMMENTS

LEAVE A REPLY