“සහසර” පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය රටපුරා ව්‍යාප්ත කිරීම ඇරඹේ

“සහසර” පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය රටපුරා ව්‍යාප්ත කිරීම ඇරඹේ

45
0

සහසර පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය ලබන සදුදා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරෙනවා. මෙමගින් වසරකට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයෙන් රුපියල් බිලියන 60ක ආර්ථික ලාභයක් ලබා ගැනීම අපේක්‍ෂාවයි.

සහසර පෙර ගෙවුම් කාඩ්පත් මගීන්ට පහසුවෙන් මිලදී ගැනීමට හැකිවන අතර අතේ මුදල් නැතිව වුව ද කාඩ්පත් භාවිතයෙන් පොදු ප්‍රවාහන සේවයේ ගමන් කළ හැකියි. මේ අනුව සෑම බස් රථයකටම ඉලෙක්ට්‍රොනික් කාඩ් භාවිත කරන ටිකට් යන්ත්‍රයක් ඇතුලු පහසුකම් සියල්ල සලසන බවයි උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අභයගුණවර්ධන මහතා පවසන්නේ. මෙම සහසර පෙර ගෙවුම් කාඩ්පතේ ආකෘතියක් ජනාධිපති ලේකම් පී බී අබේකෝන්ට පිරිනැමීමේ අවස්ථාවේදීයි අභයගුණවර්ධන මහතා මේ බව කියාසිටියේ.

NO COMMENTS

LEAVE A REPLY