සසිකලාගේ අප්‍රකාශිත කෝටි 1430ක ධනය සොයා ගැනේ

සසිකලාගේ අප්‍රකාශිත කෝටි 1430ක ධනය සොයා ගැනේ

20
0

හිටපු තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ සමීපතම හිතවතිය වූ වී කේ සසිකලා සතුව තිබූ අප්‍රකාශිත ධනය ලෙස ඉන්දීය රුපියල් කෝටි 1430ක් සොයා ගෙන තිබෙනවා.ඉන්දීය ආදායම් බදු නිලධාරීන් දින 5ක වැටලීමකින් අනතුරුවයි මෙම ධනය සොයා ගෙන ඇත්තේ.

තමිල්නාඩුවේ හා ආන්ද්‍රා ප්‍රදේශ් හි විවිධ ස්ථාන 187ක මෙම ධනය තැන්පත් කර තිබෙනවා. සසිකලා හා ඇගේ සහෝදරයා වන වී කේ දිවාකරන් යන අය සතුව ද මෙම ධනයෙන් කොටසක් තබාගෙන ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම ධනස්කන්ධයට අදාළ ආදායම් බදු ගෙවීමක් ද සිදුකර නැහැ. එසේම මෙම ධනය කෙසේ ලැබුණේ ද යන්න ප්‍රකාශ කිරීමට ද මේ වන තෙක් ඔවුන් දෙදෙනාගෙන් කිසිදු අයෙකු සමත්ව නැහැ. මේ පිළිබඳ පුළුල් පරීක්‍ෂණ පවත්වන බවයි ඉන්දීය ආදායම් බදු නිලධාරීන් පවසන්නේ. ඉතා වටිනා මැණික්, රත්‍රන්, දියමන්ති ද මෙම අප්‍රකාශිත ධනය අතර වනවා.

 

 

NO COMMENTS

LEAVE A REPLY