සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

7
0

දිවයිනේ බොහෝ පළාත්වල(විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වල) සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දකුණුපළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැක.සමහර ස්ථාන වලට (විශේෂයෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල) මි.මී. 75ට වැඩි සාමාන්‍යයෙන් තද වැසි බලාපොරොත්තු වේ.සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වනමුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලසුළං ඊසාන දෙසින්හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකවඉතා තද සුළං(පැ.කි.මී. 70-80 දක්වා) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

NO COMMENTS

LEAVE A REPLY