සයිඩ් අජ්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි

සයිඩ් අජ්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි

7
0

පාකිස්තාන සුපිරි දග පන්දු යවන ක්‍රීඩක සයිඩ් අජ්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.40 වන වියේ පසුවන අජ්මාල් එළඹෙන පාකිස්තාන ජාතික ක්‍රිකට් තරගාවලියෙන් පසු සිය සමුගැනීම සටහන් කිරීමට නියමිතයි. 2008 වසරේ ඉන්දියාවට එරෙහිව පළමුවරට අජ්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියා. ඒ එක්දින තරග සදහායි. ශ්‍රී ලංකාව සමග 2009 වසරේ දී ටෙස්ට් වරම් දිනාගත් ඔහු එම වසරේදීම පන්දුවාර 20-20 පළමු තරගයට ද එක්වුනා. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව දෝෂ සහිත බවට චෝදනා එල්ල වීමත් සමග 2015 වසරේ දී කෙටි කලකට ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටියා. පාකිස්තානයෙන් බිහි වූ විශිෂ්ඨතම දගපන්දු යවන්නෙකු වන අජ්මාල්ගේ සමුගැනීම එරට ක්‍රිකට් කණ්ඩායමට දැඩි බලපෑමක් වනු ඇතැයි ක්‍රිකට් විචාරකයින් පවසනවා.

 

 

NO COMMENTS

LEAVE A REPLY