ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් තවදුරටත්

ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් තවදුරටත්

38
0

දිවයිනේ කාලගුණය පිලිබඳ අවධානය යොමු කිරීමේදී දිවයිනේ බොහෝපලාත්වල වැසි රහිත, වියලිකාලගුණ තත්ත්වයක් සහශීත උදෑසන සහ රාත්‍රී කාලයන් තවදුරටත්පවතී.හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහින තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.දිවයිනේ සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් (විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල) අපේක්ෂා කල හැකි අතර මධ්‍යම කඳුකරයේ සමහර ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල  ප්‍රධාන වශයෙන් වැසි රහිත  කාලගුණික තත්ත්වයක් පවතී .සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී.20-30 ක් පමණ වේ.මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී.45-50 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

NO COMMENTS

LEAVE A REPLY