ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමේ මහා මොළකරු මරුට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමේ මහා මොළකරු මරුට

15
0

2009 වසරේදී පාකිස්තානයේ ලාහෝර් හි දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමේ මහා මොළකරු ඇමෙරිකා නියමුවන් රහිත යානා ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ බර්මාල් දිස්ත්‍රික්කයේ සිදුකළ ඇමෙරිකා මෙහෙයුමකදීයි මෙම සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ පාකිස්තාන හමුදා මූලස්ථානයට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමේ ප්‍රධාන මොළකරු වන කොරී යෂීනුයි මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. ත්‍රස්තවාදීන් ඉලක්ක කරගනිමින් ඇමෙරිකා නියමුවන් රහිත ගුවන් යානා මගින් මෙම ප්‍රහාරය සිදු කළා. මෙම පුද්ගලයා විවිධ ත්‍රස්ත කණ්ඩායම් සමග එක්ව කටයුතු කළ බවටයි වාර්තා වන්නේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පසුගිය සතියේදී සැකකටයුතු ස්ථානවලට ප්‍රහාර කිරීමට නියමුවන් රහිත ගුවන් යානාවලට අවසර ලබා දුන්නා. ඒ සමග එල්ල කළ ප්‍රහාරයකිනුයි මොහු ජීවිතක්ෂයට පත් වුණේ.

NO COMMENTS

LEAVE A REPLY