ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වෙළෙද කටයුතු නතර කර ඇති බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කරනවා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එම කාර්යාලය කියා සිටින්නේ දෙරට අතර වෙළෙද කටයුතු සුපුරුදු පරිදි සිදු කෙරෙන බවයි. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය මත පාකිස්තානය ශ්‍රි ලංකාව සමඟ වෙළෙද කටයුතු නතර කර ඇති බවට එරට එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත්පත පසුගියදා වාර්තා කර තිබුණා. මෙම ප්‍රවෘත්තිය අසත්‍ය බවට අදාළ පුවත්පතේ කර්තෘවරයාට ද දැනුම් දුන් බවයි පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තවදුරටත් සදහන් කරන්නේ.