ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළට ජාත්‍යන්තරයේ ප්‍රසාදය – ඇමති මහින්ද සමරසිංහ

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළට ජාත්‍යන්තරයේ ප්‍රසාදය – ඇමති මහින්ද සමරසිංහ

5
0

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළට ජාත්‍යන්තරයේ ප්‍රසාදය හිමිව ඇති බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. මත්ද්‍රව්‍ය නිවාරණ කළුතර දිස්ත්‍රික් වැඩසටහන පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමනිලධාරී වසම් 762ක් ආවරණය වන පරිදී ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවා ඇති බව මෙහිදී අදහස් දැක්වූ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර මහතා සදහන් කළා.

2015  වසරට සාපේක්ෂව පසුගිය වසර තුළ කළුතර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය භාවිතය අඩුවී ඇති බව දිස්ත්‍රික් ලේකම් යූ ජී සී ජයලාල් මහතා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා.

 

NO COMMENTS

LEAVE A REPLY