ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්

ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්

33
0

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති පළමු 20-20 ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළා. බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලකුණු ලබාගැනීමට පෙර ක්‍රීඩාගාරයට හරවා යැවීමට ලසිත් මාලිංග සමත්වුණා. කෙසේ වුවත් ඉන් පසු පිටියේ එක්වූ සබීර් රහමාන් හා සෞම්‍ය සර්කාර් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ලකුණු පනස්හතක සබඳතාවක් ගොඩනැගුවා. කෙසේවුවත් ඔවුන් දෙදෙනා දැවී යාමෙන් පසුව බංග්ලාදේශ මැදපෙල පිතිකරුවන්ට සාර්ථකවීමට ඉඩ ලබානොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් බංග්ලාදේශ ඉණිම ලකුණු 155කට සීමා කළා. ඒ වනවිට බංග්ලාදේශ කණ්ඩායමේ කඩු 6ක් දැවීගොස් තිබුණා.

පිළිතුරු ඉණිම ආරම්භ කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ කුසල් ජනිත් හා උපුල් තරංග පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 65ක සබඳතාවක් ගොඩනැගුවා. කලකට පසු 20-20 පිටියට පිවිසි කුසල් ජනිත් බංග්ලාදේශ පන්දු යවන්නන්ට රිසි සේ පහර දෙමින් පන්දු 53කදී හයේ පහරක් සහ හතරේ පහර නවයක් සමඟ ලකුණු 77ක් රැස්කර ගත්තා. ශ්‍රී ලංකාව පන්දුවාර දහඅටයි පන්දු පහකදී කඩුලු හතරක් පමණක් දැවී තිබියදී ජයග්‍රහනය වාර්තා කිරීමට සමත්වුණා. තරගාවලියේ දෙවන තරගය හෙට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. බංග්ලාදේශ පිලේ නායක මස්රෆි මොටාසා පවසා සිටියේ තමා 20-20 තරගවලට  මෙම තරගාවලියෙන් පසු සමුදෙන බවයි.

NO COMMENTS

LEAVE A REPLY