මාස 10 කට පසු වෛද්‍ය පීඨ සිසුන් සඳුදා සිට දේශනවලට

මාස 10 කට පසු වෛද්‍ය පීඨ සිසුන් සඳුදා සිට දේශනවලට

7
0

මාස 10කට පසු වෛද්‍ය පීඨ සිසුන් ලබන සඳුදා සිට දේශනවලට සහභාගි වීමට තීරණය කර තිබෙනවා. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව රැස්වී මෙම තීරණය ගත් බවයි එම කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ප්‍රකාශ කරන්නේ.

සයිටම් අර්බුදය හේතුවෙන් වෛද්‍ය පීඨ සිසුන් දේශනවලින් ඉවත්ව සිටියා. මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය පීඨය අහෝසි කිරීමට රජය පසුගිය 29 වනදා තීරණය කළා. සයිටම් ගැටලුව නිරාකරණයට ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ විසඳුම්වලට අනුව සියලු දෙනාට සාධාරණය ඉටුවන ලෙස ස්ථිර විසඳුම් ලබා දීම සඳහා යෝජනා 8ක් ඉදිරිපත් වුණා. විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ සංගමය ද පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගැටලුව නිරාකරණය සඳහා රජය පියවර ගෙන ඇති බැවින් සිසුන්ට දේශනවලට සහභාගි වන ලෙසයි. මතු වූ යහපත් වාතාවරණය හමුවේ යළි දේශනවලට සහභාගි වීමට තීරණය කළ බවයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරන්නේ.

 

NO COMMENTS

LEAVE A REPLY