වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවක

වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවක

9
0

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිස්ත්‍රික් 06ක ක්‍රියාත්මක කළ සංඛේත වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. වෛද්‍ය සභාව ද නොසළකා හරිමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනවල නිරත වන්නේ කාගේ වුවමනාවටදැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රශ්න කරනවා.

වව්නියාව, මාතලේ, අම්පාර, බදුල්ල, මොණරාගල හා මාතර යන දිස්ත්‍රික්කවල මෙම වර්ජනය ක්‍රියාත්මක වනවා. රෝහල්කරා පැමිණි රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව පිටව ගියේ දැඩි කණස්සල්ලෙන් යුතුවයි. දුර බැහැර ප්‍රදේශවල සිට සායන කරා පැමිණි රෝගීන් ද මේ අතර වනවා. වෛද්‍යවරුන්ගේ වර්ජන හේතුවෙන් තමන් අසීරුතා රැසකට මුහුණ දෙන බව ප්‍රතිකාර සදහා පැමිණි රෝගීන් ප්‍රකාශ කළා.

මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෛද්‍යවරුන්ගේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූවා.

NO COMMENTS

LEAVE A REPLY