වෙනිසියුලා ජනපතිට එරෙහිව අදත් උද්ඝෝෂණ

වෙනිසියුලා ජනපතිට එරෙහිව අදත් උද්ඝෝෂණ

27
0

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහි උද්ඝෝෂණ අද දෙවන දිනටත් පැවැත්වෙනවා. ඊයේ දිනයේ වෙනිසියුලාවේ කරාකස් අගනුවර ආශ්‍රීතව ආරම්භ කළ මෙම උද්ඝෝෂණ මාලාවට අති විශාල පිරිසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එරට ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය එරට ප්‍රජාතන්ත්‍රවාදයට සහ ආර්ථික වර්ධනයට අහිතකර බැවින් ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි විරෝධතාකරුවන් පවසන්නේ. මෙම උද්ඝෝෂණ නීතිවිරෝධී බව එරට රජය පවසනවා. කෙසේ වෙතත් නිකොලස් මදුරෝට සහාය දක්වන කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ මෙම විරෝධතා ඇමෙරිකාවේ සහාය ලබන මතවාදී කණ්ඩායම් සංවිධාන කරඇති බවයි.

NO COMMENTS

LEAVE A REPLY