Update: වෙනිසියුලාවේ විපක්‍ෂය සංවිධාන කළ ජනමත විචාරණයක් සඳහා මිලියන 07ක පිරිසක් සහභාගි...

Update: වෙනිසියුලාවේ විපක්‍ෂය සංවිධාන කළ ජනමත විචාරණයක් සඳහා මිලියන 07ක පිරිසක් සහභාගි වෙයි

10
0

වෙනිසියුලාවේ විපක්‍ෂය සංවිධාන කළ ජනමත විචාරණයක් සඳහා මිලියන 07ක පිරිසක් සහභාගි වී සිටින බව වාර්තා වනවා. මෙය නිල නොවන ජනමත විචාරණයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වෙනිසියුලා ජනාධිපති නිකලොස් මධුරෝ එම ධුරයෙන් ඉවත් වී නව ව්‍යවස්ථාවක් ප්‍රකාශයට පත්කළ යුතු ද නැද්ද යන්න පිළිබඳ ජනමතය විමසා බැලීම මෙහි අරමුණයි. මේ සඳහා මිලියන 07ක පමණ ජනතාවක් සහභාගි වූ බව එරට වාර්තා සඳහන් කරනවා. මේ අතර විරෝධතා ව්‍යාපාර කිහිපයක් ද පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පිරිස් පාලනයට පොලීසිය ද යොදවා තිබෙනවා. වෙඩි තැබීම් කිහිපයක් ද වාර්තා වී ඇති අතර එහිදී දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

 …………………………………….

වෙනිසියුලාවේ විරුද්ධ පක්ෂය සංවිධාන කළ ජනමත විමසුමක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට

වෙනිසියුලාවේ විරුද්ධ පක්ෂය විසින් සංවිධාන කරන ලද ජනමත විමසුමක් අතරතුර සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා. එය නිල නොවන ජන මත විමසුමක් බවයි වාර්තා වන්නේ. යතුරුපැදිවලින් පැමිණි පිරිසක් ඡන්ද මධ්‍යස්ථානයේ රැස්ව සිටි පිරිසට වෙඩි තැබූ බව සඳහන්. ඉන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබුවා. පසුගිය අප්‍රේල් මාසයේ සිට වෙනිසියුලාවේ හටගත් දේශපාලන ගැටුම් වලින් පුද්ගලයින් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විපක්ෂයේ ප්‍රකාශකයෙකු වන කාලෝ ඔකරිස් සිද්ධිය පිළිබද අදහස් දක්වමින් කියා සිටියේ ඔවුන් ඒ පීළිබද කණගාටු වන බවයි.

NO COMMENTS

LEAVE A REPLY