වියළි කැස්බෑ මස් සමග සැකකරුවන් 6දෙනෙකු අත්අඩංගුවට

වියළි කැස්බෑ මස් සමග සැකකරුවන් 6දෙනෙකු අත්අඩංගුවට

19
0

වියළි කැස්බෑ මස් කිලෝග්රෑම් 13.2ක් සමග සැකකරුවන් 6දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙම මස් තොගය සොයාගෙන ඇත්තේ ත්‍රිකුණාමලය මුහුදු තීරයේ බහුදින ධීවර යාත්‍රාවක තිබියදීයි. වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොඩ්ඩියාර් ධීවර වරායට අනුයුක්තව සේවයේ නියුතු නාවික නිලධාරීන් සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි වියළි කැස්බෑ මස් තොගයක හමු වී ඇත්තේ. 1977 ඉදිරිපත් කළ වද වී යාමේ තර්ජනයට ලක් වූ ජීවීන්ගේ වෙළෙදාම පිළිබද අන්තර්ජාතික ප්‍රඥප්තියට අනුව කැස්බෑවුන් ඇල්ලීම, මැරීම සහ වෙනත් පරිභෝජනයන් සදහා යෙදවීම තහනම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සදහා ධීවරයින් පිරිස ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.

NO COMMENTS

LEAVE A REPLY