වියට්නාමයේ ගංවතුරින් සහ නායයෑම්වලින් 37ක් ජිවිතක්ෂයට

වියට්නාමයේ ගංවතුරින් සහ නායයෑම්වලින් 37ක් ජිවිතක්ෂයට

15
0

වියට්නාමයට බලපෑ ධාරාණිපාත වර්ෂාව සමග හටගත් ගංවතුර සහ නායයාම්වලින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් 40 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. ගංවතුර සහ නායයාම්වලින් නිවාස දහසකට පමණ හානි සිදු වුණා. වියට්නාමයේ උතුරු සහ මධ්‍යම ප්‍රදේශවල නිවර්තන අවපීඩන තත්ත්වයක් ඇතිවීමත් සමග දහස් ගණනක් ජනතාව නිවාසවලින් ඉවත් කර තිබෙනවා. යෙන්බායි සහ හාබින් ප්‍රදේශවලට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වූ බවයි වාර්තා වන්නේ. පසුගිය සදුදා එරටට ඇතුළු වූ නිවර්තන අවපීඩන සුළි කුණාටුව ඉදිරි දින කිහිපයේ දී  තවත් වර්ධනය විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අගවනවා. අතුරුදන්වූවන් සොයා සහන සේවා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

NO COMMENTS

LEAVE A REPLY