විමල් වීරවංශ යළි රිමාන්ඩ්

විමල් වීරවංශ යළි රිමාන්ඩ්

14
0

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කෙරුණා. ඔහු ලබන මස 3වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ.

විමල් වීරවංශ පසුගියදා අධිකරණයේදී සිදු කළ ප්‍රකාශයේ කරුණු සුවිශේෂී කරුණු ලෙස පාදක කරගනිමින් ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීම සළකා බැලී‍මෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ. එදින මන්ත්‍රීවරයා පැයකුත් විනාඩි 10ක කාලයක් සිය ප්‍රකාශය සිදු කළා. කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු එම ප්‍රකාශය තුළ නොමැති බවයි. සැකකරු දිගු කලක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් මෙම සිද්ධියට අයත් නඩු ගොනු කඩිනමින් නීතිපතිවරයාට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මූල්‍ය්‍ය අපරාධ කොට්ඨාසයට නියෝගය කළා. සිද්ධියට අදාළ නඩු ගොනුව නීතිපතිවරයාට යොමු කිරීමට මසක පමණ කාලයක් ගත වන බවයි එහිදී මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ.

NO COMMENTS

LEAVE A REPLY