වැසි රහිත කාලගුණ තත්ත්වයක්

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

19
0

දිවයිනේ කාලගුණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී දිවයිනේ බොහෝ  ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.කෙසේ වෙතත්,බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකියි.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල  ප්‍රධාන වශයෙන් වැසි රහිත  කාලගුණික තත්ත්වයක් පවතී.දිවයිනට නැගෙනහිරින් වන මුහුදු ප්‍රදේශවල සුළංගිනිකොන සිට දකුණ දක්වා වන දිශා වලින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.පුත්තලම සිටමන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටක පැ.කි.මී.50 දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින්විට තරමක්රළුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

NO COMMENTS

LEAVE A REPLY