ව්‍යාජ රත්‍රන් ගුලි 3,000ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ රත්‍රන් ගුලි 3,000ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

16
0

රුපියල් ලක්ෂ 60කට වැඩි වටිනාකමකින් යුත් ව්‍යාජ රත්‍රන් ගුලි 3,000ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සූරියවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මෙම රත්‍රන් අලෙවි කිරීමට උත්සාහ දැරීමේ දීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

සූරියවැව පොලිසිය උපාය ධූතයෙකු යොදවා මෙම වැටලීම සිදුකර තිබෙනවා. සැකකරුවන් අනුරාධපුර සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි පොලිසිය සඳහන් කළේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී මෙලෙස වංචා සහගත ලෙස රත්‍රන් අලෙවි කිරීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ මෙම රත්‍රන් නිධානයකින් ගත් ඒවා බවයි. සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 

NO COMMENTS

LEAVE A REPLY