ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

8
0

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග ඒවා මුද්‍රනය කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත්තා.

කළුතර, උතුර තොටුපල හන්දිය ප්‍රදේශයේ දීයි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැණුනේ. සැකකරුවන් සමග රුපියල් ලක්‍ෂ තුනක් වටිනා පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර, බේරුවල, පානදුර සහ මොරටුව යන ප්‍රදේශවල ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඒ පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කෙරුණා. එහිදීයි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළිකර ගැනීමට පොලිසිය සමත් වුණා. මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සදහා යොදා ගත් බව කියන යන්ත්‍රයක් ද නිවසක සඟවා තිබියදී පොලිස් භාරයට ගැණුනා. සැකකරුවන් රුපියල් ලක්‍ෂ හයක පමණ මුදලක් ව්‍යාජ ලෙස මුද්‍රනය කර ඇති බවද හෙළිව තිබෙනවා. හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී ඇති සැකකරුවන් ඒ සදහා මෙම මුදල් යොදා ගෙන ඇති බවටයි හෙලිව ඇත්තේ. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

NO COMMENTS

LEAVE A REPLY