ලෝකයේ බර අධිකම කාන්තාවගේ බර සැත්කමකින් අඩු කරයි (Photos)

ලෝකයේ බර අධිකම කාන්තාවගේ බර සැත්කමකින් අඩු කරයි (Photos)

37
0

ලෝකයේ බර අධිකම කාන්තාව ලෙස සැලකෙන ඊජිප්තු ජාතික කාන්තාවගේ බර කිලෝ ග්‍රෑම් 250 කින් අඩුකිරීමට වෛද්‍යවරුන් පවසනවා. එමාන් අබ්ද් අල් අතී මුලින් කිලෝග්‍රෑම් 500 ක් බරැති වූ බව සඳහන් කරන ඇයගේ පවුලේ සාමාජිකයෝ, ඒ හේතුවෙන් 25 වසරක් මුළුල්ලේ ඇයට සිය නිවසින් පිටතට යාමට නොහැකි ව තිබෙනවා.

ප්‍රතිකාර ගැනීම සඳහා බටහිර ඉන්දීය මුම්බායි නගරයේ සයිෆී රෝහලට ඇතුලත් වූ ඇය මාස දෙකකට පෙර සැත්කමකට භාජනය කර තිබෙන බවයි වාර්තා වන්නේ. ඉන් අනතුරුව දැන් ඇයට රෝද පුටුවකට ගොඩවිය හැකි අතර, දීර්ඝ වේලාවක් නැගිට සිටිය හැකි බවත් වෛද්‍යවරු පවසනවා. ඇයගේ බර අඩුකිරීමේ ශල්‍යකර්මය මෙහෙයවනු ලැබුවේ ශල්‍ය වෛද්‍ය මුෆසාල් ලක්දවාලා විසිනි. මුම්බායේ දී කෙරුණු සැත්කමෙන් අනතුරුව කිලෝ ග්‍රෑම් 250 ක් බර අඩුවීම හේතුවෙන් ඇය තවදුරටත් ජීවතුන් අතර සිටින ලෝකයේ බර වැඩිම කාන්තාව නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

weight lady2

weight lady

NO COMMENTS

LEAVE A REPLY