ලොව වටා වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්

ලොව වටා වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්

18
0

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලොව වටා වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සුබ පතා තිබෙනවා.

ඇමෙරිකා ජනාධිපතිවරයා වෙනුවෙන් එරට වැඩ බලන රාජ්‍ය ලේකම් ජෝන් ජේ සුලිවන් මහතා නිකුත් කළ නිවේදනයකයි මේ පිළිබඳ දැක්වෙන්නේ. ජනාධිපති ට්‍රම්ප් මහතා හා ඇමෙරිකා ජනතාව වෙනුවෙන් උදා වූ සිංහල හා දෙමළ අවුරුද්දේ සියලු ශ්‍රී ලාංකික ජනතාවට සාමය සතුට පිරි නව වසරක් ප්‍රාර්ථනා කරන බව ඒ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් සහාය දීමට ඇමෙරිකාව සූදානම් බව ද එම නිවේදනයේ දැක්වෙනවා. දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට උදා වූ අලුත් අවුරුද්දේ අපේක්‍ෂා කරන බවයි ඇමෙරිකා රජය පවසන්නේ. මෙරට සංස්කෘතිය ආරක්‍ෂා කර ගනිමින් ඉදිරි පරපුර වෙත දායාද කිරීමේ වගකීම ද එම නිවේදනය මගින් පෙන්වා දෙනවා.

NO COMMENTS

LEAVE A REPLY