රෝගාතුර වූ ITN මාධ්‍යවේදී හසිතගේ නිවසට ඇමති දයාසිරි ගෙන් තෑග්ගක්

රෝගාතුර වූ ITN මාධ්‍යවේදී හසිතගේ නිවසට ඇමති දයාසිරි ගෙන් තෑග්ගක්

83
0

හදිසි අනතුරකට මුහුණ දීම හේතුවෙන් රෝගී තත්වයේ පසුවන අයි ටී එන් මාධ්‍යවේදී හසිත අකලංක දෙයාලගේගේ සුව දුක් බැලිම සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඊයේ එක් වුණා.

පසුගිය පෙබරවාරී 17 වනදා සිදු වූ හදිසි අනතුරකින් දැඩි ලෙස තුවාල ලැබූ හසිත අකලංක මාස දෙකක පමණ කාලයක් කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබුවා. අද වන විටත් තම නිවස තුලදීම ප්‍රතිකාර ලබමින් සිටින හසිත වයස අවුරුදු තුනක සිඟිති දියණියකගේ  පියෙකි.හසිතට අත් වූ අවාසනාවන්ත ඉරණම පිලිබඳව දැනගත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඊයේ හසිතගේ නිවස වෙත පැමිණියේ හදවතින්ම හසිතගේ සුව දුක් සොයා බැලීමටයි. ක්‍රීඩා මාධ්‍යවේදීයෙකු ලෙස අයි ටී එන් නාලිකාවේ කටයුතු කළ  හසිත අකලංකගේ සුව දුක් සොයා බැලීමට ක්‍රීඩා ඇමතිවරයාගේ පැමිණීම

මෙහිදී කැපී පෙනෙනවා. හසිතගේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය ඕනෑම උදව්වක් ලබා දෙන බව පැවසූ අමාත්‍ය දයාසිරි ජයසේකර හසිත  වෙනුවෙන් මුදල් ත්‍යාගයක් පිරිනැමීමටද මෙහිදී කටයුතු කළා.

 hasi2 hasi3 hasi4 hasi5 hasi6 hasi7 hasitha1

NO COMMENTS

LEAVE A REPLY