රවිරාජ්ගේ ඝාතනය සම්බන්ධයෙන් යළි නඩු විභාගයක් පවත්වන්නැයි අභියාචනා පෙත්සමක්

රවිරාජ්ගේ ඝාතනය සම්බන්ධයෙන් යළි නඩු විභාගයක් පවත්වන්නැයි අභියාචනා පෙත්සමක්

10
0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නජරාජා රවිරාජ්ගේ ඝාතනය සම්බන්ධයෙන් යළි නඩු විභාගයක් පවත්වන්නැයි ඉල්ලා නීතිපතිවරයා අභියාචනා පෙත්සමක් ගොණු කළා.

මෙම ඝාතනයට අදාල නඩුවේ තීන්දුව ලබා දුන්නේ පසුගිය දෙසැම්බර් 23වනදා මධ්‍යම රාත්‍රියේයි. ඒ වන විට ජූරි සභාව දැඩි වෙහෙසකර තත්ත්වයකට පත්ව සිටි නිසා සාධාරණ තීන්දුවක් බලාපොරොත්තු විය නොහැකි බවයි නීතිපතිවරයා පවසන්නේ. මෙම නඩුවේ විනිසුරුවරයා අධිකරණයේ ජූරි සභාව ඉදිරියේ පැවැත්වූ දේශනයේ අඩු පාඩු තිබූ බවද නීතිපතිවරයා එම පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා. නඩරාජා රවිරාජ් මහතා හා ඔහුගේ රියදුරා දෙදෙහස් හය වසරේ නොවැම්බර් 9වනදා  හා 10වනදා අතර කාලය තුළ ඝාතනයට ලක්වූයේ නාරාහේන්පිට මාතා ප්‍රදේශයේ දීයි.

NO COMMENTS

LEAVE A REPLY