රන් මාලයක් කඩාගෙන පලායමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

රන් මාලයක් කඩාගෙන පලායමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

15
0

හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී කාන්තාවකගේ රන් මාලයක් කඩාගෙන පලායමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාන්තාව තම දරුවා පෙර පාසලට රැගෙන යමින් සිටියදීයි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ රන් මාලය කොල්ල කා තිබෙන්නේ.

රන් මාලය කොල්ලකා සැකකරුවන් පලා ගොස් තිබෙනවා. ජනතාව ඔවුන් ලුහුබැඳ ඇති අතර ප්‍රදේශවාසීන් මේ පිළිබඳ පොලීසියටද පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් යතුරු පැදියකින් සැකකරුවන් හඹා ගොස් ඇති අතර පොලිස් අණ  නොතකා පලා ගිය සැකකරුවන්ට පොලීසිය දණහිසෙන් පහළට වෙඩි තබා තිබෙනවා. එහිදී එක් සැකකරුවෙකු තුවාල ලැබූ අතර ඔහු හා අනෙක් සැකකරු ද පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී ප්‍රදේශවාසීන්ගෙන් පොලීසියට විශාල සහයෝගයක් ලැබුණු බවයි පොලීසිය සදහන් කළේ. තුවාල ලැබූ කොල්ලකරු පොලිස් ආරක්ෂාව යටතේ හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. දංකොටුව, වෙන්නප්පුව, මාරවිල, මාදම්පේ යන ප්‍රදේශවල යතුරුපැදිවලින් පැමිණ මෙවැනි ආකාරයේ අපරාධ සිදු කරන කල්ලියක් සිටින බවට පැමිණිලි ලැබී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ.

NO COMMENTS

LEAVE A REPLY