රට සංවර්ධනයට ජනපති ගෙනයන වැඩපිළිවෙළ චීනය අගයයි

රට සංවර්ධනයට ජනපති ගෙනයන වැඩපිළිවෙළ චීනය අගයයි

45
0

ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා ජනතා සුබසිද්ධියට වත්මන් ජනාධිපතිතුමා යටතේ ශක්තිමත් පදනමක් සකස් වී ඇති බව චීන ආරක්ෂක අමාත්‍ය හා රාජ්‍ය උපදේශක ජෙනරාල් චෑන් වන්ක්වාන් ප්‍රකාශ කළා. දිවයිනට පැමිණ සිටින ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේයි මේ බව ප්‍රකාශ කළේ.

චීන ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජෙනරාල් චෑන් වන්ක්වාන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණේ ජනාධිපති නිල නිවසේදීයි.දෙරට අතර පවතින දිගුකාලීන සබදතා පිළිබද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළා. ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට සහ ජාතික ආරක්ෂාවට චීනයෙන් ලැබෙන සහායද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අගය කළා. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සදහා චීන රජය දීර්ඝ කාලයක සිට පුහුණු අවස්ථා ලබා දුන්නා. ඒ පිළිබද ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා මෙරට යුද්ධය පැවති අවස්ථාවේදී චීනය ලබා දුන් සහායද අගය කළා.දෙරට අතර මිත්‍රශීලී සබදතා හේතුවෙන් ගිවිසුම් රැසකට එළඹෙන බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. ශ්‍රී ලංකාවේ අභිමානයට, ස්වාධීනත්වයට සහ ජාතික ආරක්ෂාවට හානියක් වන්නේ නැති පරිදි එම සියලු ගිවිසුම් සිදු කෙරෙන බව ද මෙහිදී අවධාරණය කෙරුණා. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබදව සුබවාදීව අදහස් පළ කළ චීන ආරක්ෂක අමාත්‍යවරයා ඒ පිළිබද චීන රජයේ සතුට පළ කළා. චීන ජනාධිපතිවරයාගේ සුබපැතුම් ද ඔහු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිරිනැමුවා. චීනය හා ශ්‍රී ලංකාව අතර තානාපති සබදතා ආරම්භ වී වසර 60ක් පමණ ගත වී තිබෙනවා. එම සබදතා වඩාත් ශක්තිමත් කර ගැනීම අරමුණ බවයි චීන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

NO COMMENTS

LEAVE A REPLY