රටවටා අවුරුදු

රටවටා අවුරුදු

9
0

ජන ක්‍රීඩාවලට මුල් තැන දෙමින් බක්මහ උළෙල රැසක් රටපුරා පැවැත්වෙනවා.

වෙන්නප්පුව, නයිනමඩම, රන්වැලි නිවාඩු නිකේතන පරිශ්‍රයේ දී පැවති බක්මහ උළෙලට විදේශිකයන් ද සහභාගී වුණා. අවුරුදු කුමරිය තේරීම ඇතුලු තරග රැසක් මෙහිදී පැවැත්වුණා. ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඇතුලු පිරිසක් සහභාගී වුණා.

අම්බලන්ගොඩ, ඕකන්ද තරුණ කැළ සංවිධාන කළ බක්මහ උළෙල ඕකන්ද ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා. ගම හරහා දිවීම, කාන්තා පිරිමි මීටර් සියය දිවීමේ තරග උණුසුම් මුහුණුවරක් ගත්තා. වීදුරු බෝල හැන්දෙන් මාරු කිරීම, සංගීත පුටු තරගය ඇතුලු තරග සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.

වාරි මාර්ග දෙපාර්තමේන්තු‍වේ ජල ශක්ති පර්යේෂණාගාර සේවකයින් සංවිධාන කළ බක්මහ උළෙල විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. පළමු වරටයි මෙම බක්මහ උළෙල සංවිධාන කෙරුණේ. ජන ක්‍රීඩා රැසක් මෙහිදී පැවැත්වුණා.

NO COMMENTS

LEAVE A REPLY