යහපාලන රජය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් GSP+ සහනය යළි දිනා ගනී

යහපාලන රජය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් GSP+ සහනය යළි දිනා ගනී

39
0

යහපාලන රජය තවත් ජයග්‍රහණයක් අත්කර ගනිමින් GSP+ සහනය යළි දිනා ගැනීමට අද සමත්වුණා. පසුගිය රජය සමයේ අහිමි වූ GSP+ සහනය යළි ලබා දීමට යුරෝපා කොමිසම අද තීරණය කළ බව බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා ප්‍රකාශ කළා.

GSP+ යනු ජාත්‍යන්තර ගිවිසුම් හතක් මත පදනම්ව යුරෝපා සංගමයේ රටවල වෙළෙඳපොළට ප්‍රවිශ්ට විම සඳහා ලබා දෙන අතිවිශේෂ තීරු බදු වැඩපිළිවෙළයි. මෙහිදී යහපාලනය, මානව අයිතිවාසිකම් හා පාරිසරික තත්ත්වයන් සේම කම්කරු ප්‍රමිතීන් ආරක්‍ෂා කිරීම පිළිබඳව ද විශේෂයෙන් සොයා බැලෙනවා. කලක් අප රටට හිමිව තිබූ මෙම අතිවිශේෂ සහනය පසුගිය රජය සමයේ ශ්‍රී ලංකාවට අහිමි වුණා. මේ නිසා බරපතල ආර්ථික ගැටලු රැසකට පසුගිය වකවානුව තුළ අපට මුහුණ දීමට සිදුවුණා. යහපාලන රජය GSP+ සහනය යළි දිනා ගැනීම සඳහා විශේෂ උත්සාහයක් දැරුවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පසුගිය බෙල්ජියම් සංචාරය ඒ සඳහා මහත් පිටිවහලක් වූ බව අවිවාදාත්මකයි. අග්‍රාමාත්‍යවරයා පසුගිය බෙල්ජියම් සංචාරය අවසන් කරමින් ප්‍රකාශ කළේ ස්ථිර වශයෙන්ම GSP+ සහනය යළි දිනා ගන්නා බවයි.

……………………………………………….

ශ්‍රී ලංකාව තුළ මානව  අයිතිවාසිකම් ආරක්‍ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදය තුළ යහපාලනය ස්ථාපනය කිරීමට ගෙවුණු වසර දෙක තුළ රජයට හැකිවීමේ ප්‍රතිඵලය ලෙස GSP+ සහනය යළි ලබා ගැනීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

මෙය යහපාලන රජයේ ජයග්‍රහණයක් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේම ජයක් බව එම නිවේදනයෙහි සදහන් වනවා. ඇගලුම් ඇතුලු දේශීය නිෂ්පාදනයන්ට මේ නිසා වඩාත් පුළුල් ලෙස යුරෝපීය වෙළෙදපොළට යළි ප්‍රවේශ වීමේ අවස්ථාව උදා වී ඇතැයි අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙහි සදහන් කර තිබෙනවා. නව රැකියා අවස්ථා සේම මෙරට ආර්ථිකයෙහි ඉහළ වර්ධනයක් ඉදිරි කාලය තුළදී මේ අනුව උදාවනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා. GSP+ සහනය යළි දිනා ගැනීම සදහා කැපවෙමින් විශාල ලෙස වෙහෙසුණු සියලුම දෙනාට මේ අවස්ථාවේදී සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේම ස්තූතිය හිමිවන බව ද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙහි සදහන් කර තිබෙනවා.

 

NO COMMENTS

LEAVE A REPLY