මෙරට ගුවන් ගමන් සේවාව සහ තාක්‍ෂණය දියුණු කිරීමට පියවර

මෙරට ගුවන් ගමන් සේවාව සහ තාක්‍ෂණය දියුණු කිරීමට පියවර

4
0

මෙරට ගුවන් ගමන් සේවාව සහ තාක්‍ෂණය දියුණු කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

නව ගුවන් යානා අධීක්ෂණ පද්ධති ක්‍රමය පිළිබඳ වැඩමුළුව කොළඹදී අද ආරම්භ වුණා. ගුවන් යානා අධීක්ෂණ ක්‍රම පද්ධතිය අග්නිදිග ආසියා හා බෙංගාලබොක්ක ආශ්‍රිත රටවල ක්‍රියාත්මක කිරීමේදී බලපාන ගැටලු සහ ඊට යෙදිය යුතු විසඳුම් සෙවීම වැඩමුළුවේ අරමුණයි. ගුවන් යානා පාලනය සහ අධීක්ෂණය සදහා පරිසර හිතකාමී අඩු වියදම් සහිත නව තාක්ෂණයෙන් යුත් ගුවන් යානා අධීක්ෂණ ක්‍රම පද්ධති පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති. වැඩමුළුවේ සමාරම්භය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එය අනිද්දා දක්වා පැවැත්වීමට නියමිතයි.

 

 

 

 

 

NO COMMENTS

LEAVE A REPLY