මුරලිට ක්‍රිකට් කවුන්සිලය මඟින් ඉහළම ගෞරව නාමයක්

මුරලිට ක්‍රිකට් කවුන්සිලය මඟින් ඉහළම ගෞරව නාමයක්

56
0

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට පිරිනමන ඉහලම ගෞරව නාමයෙන් පිදුම් ලැබීමට මුත්තයියා මුරලිදරන් සුදුසුකම් ලබා තිබෙනවා. එම කවුන්සිලයේ  යශෝරාවය නාමාවලියට මුත්තයියා මුරලිදරන්ගේ නම ඇතුලත්කර ඇත්තේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉටුකළ අනගිභවනීය මෙහෙය ඇගයීමට ලක්කරමිනුයි.

මුත්තයියා මුරලිදරන්ට මේ වෙනුවෙන් හිමි සමරු තිළිණය ලබා දීම ජුනි මාසයේ දී සිදුකිරීමට නියමිතයි. අයිසීසී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අතරතුර දී ජාත්‍යන්තර ක්‍රිකට් සභාව එම තිළිණය මුරලිදරන්ට පිරිනැමීමටයි කටයුතු යොදා ඇත්තේ. ශ්‍රී ලංකාවෙන්  බිහිවූ විශිෂ්ඨතම දග පන්දු යවන්නා වන මුරලිදරන් ටෙස්ට් කඩුළු අටසියයක් හා එක්දින කඩුළු 534ක් ද 20-20 තරග 12ක දී කඩුලු 13ක් ද බිදහෙලමින් වාර්තා අතරට එක්ව සිටිනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  යශෝරාවය නාමාවලියට නම ඇතුලත් වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ මුත්තයියා මුරලිදරන් වීම විශේෂත්වයක්.

NO COMMENTS

LEAVE A REPLY